ඉතින් කොහොමද ඔයාලට? කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ලියන්න ඕනෙ කියලා හිතුනා.කොරෝනා වල බලපෑම නිසා ගොඩක් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරවලට ලොකු හානියක් වෙයි කියලා තමා අහන්න ලැබෙන්නේ. කොහොමවුනත් මේ දවස්වල ලංකාවේ වගේම ලෝකයේම මේ Internet Jobs, Internet Money කියන වචන වල ප්‍රමාණය හොයන පිරිසත් වැඩි වෙලා තියෙනවා. ඒක හොදටම තේරෙනවා අපේ බ්ලොග් එකට එන පිරිස වැඩිවීම තුළින්. ඒ වගේම Fiverr වගේ Freelancing වෙබ් අඩවිවලට අලුතින් සම්බන්ධ වුණු ප්‍රමාණයත් වැඩි වෙලා කියලයි ආරංචිය. ඉතින් අද අපි කතා කරන්න යන්නෙත් Fiverr ගැනම තමා.


ගොඩක් අය ව්ශ්වාස කරන විදියට ෆයිවර් එකේ සාර්ථක වෙන්න වාසනාව ඕනෙ. හැබැයි ඒක ඇත්තටම බොරුවක්. වාසනාවත් ටිකක් ඔනෙ තමා. ඒ වගේම ඕඩර් ගන්න නම් ගොඩක් මහන්සි වෙන්නත් ඕනෙ. 90% දෙනා කරන්නෙ කොහොමහරි එයාලගෙ Skills දාලා ගිග් එකක් හදන් දවස් දෙක තුනකින් ඕඩර් එන් නෑ කියලා වැඩේ අතාරිනවා. මේක කියවන ඔයත් සමහරවිට එහෙම වෙන්න ඇති. එහෙම කරපු කෙනෙක් නම් දැන්ම ඔයාගේ පරණ ගිග් එක අයින් කරලා මේ මම කියන මේ අලුත් දේවල් ටික කරලා බලන්නකෝ. මට ලොකු විශ්වාසයක් තියෙනවා බාගෙට බාගයක් දෙනාට ගේමක් ගහන්න පුලුවන් වෙයි කියලා,

Buyer කෙනෙක් එයාලගෙ වැඩකට seller කෙනෙක් තෝරද්දි මුලින්ම එයාලා කරන්නේ Fiverr එකේ එයාලගෙ වැඩේට අදාල Search Term එකක් දාලා search කරන එක. එතකොට එයාලගෙ වැඩේට අදාල sellers ලා List එක පෙන්නුම් කරනවා. මේ ලිස්ට් එකේ ඊට පස්සෙ එයා එක එක සෙලර් ලගෙ ගිග් එකට ගිහින් බලනවා එයාගෙ වැඩේට හරියන කෙනා කවුද කියලා. මෙහෙම දෙතුන් දෙනෙක් තෝරාගෙන බලලා ඒ අයට personal messages දානවා. මෙතනින් පස්සෙ buyer and seller අතර අදාල සන්නිවේදනය වුනාට පස්සෙ buyer තීරණය කරනවා මම මෙයාට ඕඩර් එක දෙනවද නැත්ද කියලා. මෙහෙම ගොඩක් වෙලාවට Buyer කෙනෙක් තෝරාගැනීම් කරන්නේ එයාලගෙ Search List එකේ පළමු පිටුව එහෙමත් නැතිනම් උපරිම දෙවන පිටුවෙන්. එතනදි buyer කෙනෙක් ගොඩක්ම සලකලා බලන තවත් දෙයක් තමා එයාලගෙ කලින් වැඩ කොහොමද හා ඒවගෙ Reviews කොහොමද කියලා. මේ ඔක්කොම සාධක Seller කෙනෙක්ට ඕඩර් එකක් ලැබෙන්න ගොඩක්ම බලපානවා. දැන් ඔයාලට මම මේ වැඩ ටික කියලා දෙන්නේ මෙන්න මේ Fiverr search List එකේ පළමු පිටුවේ ඔයාගේ ගිග් එක පෙන්නුම් කිරීමට අදාල වැදගත් දේවල් ටිකක්. ඔයාලට තේරෙන්න ඇති ඕඩර් ලැබෙන්න ඒක කොච්චර වැදගත් වෙනවද කියලා. අන්න ඒ නිසයි මේ ගැන මම පෝස්ට් එකක් ලියන්න තීරණය කලේ……එහෙනම් මෙහෙමයි වැඩේ……..


1) Get Your First Order Asap


මෙතන්දි ඔයා කරන්නේ ඔයාගේ යහලුවෙක්ට කියලා Fake Order එකක් දාගන්න එක. මේක ඔයාගෙ යාලුවට අදාල ඩොලර් ගාන දිලා ඔයාට කරගන්න ලේසියෙන්ම පුලුවන් දෙයක්. නමුත් මේක Fiverr Terms and Condition වලට විරුද්ධ දෙයක් කියලා මතක තියාගන්න. ඒ නිසා මේ වැඩේ ඔනෑවට වඩා කරගන්න යන්න එපා හැබැයි ඔයාව Ban වෙන්න පුලුවන්. ඔයාගෙ යාලුවට කියන්න ඕඩරේ හරියට කලාට පස්සෙ හොද Review එකක් දෙන්න කියලා. මොකද මේ Review මත තමා ඔයා Search List එකේ උඩට එන්නෙත් ඉස්සරහට ඕඩර් ලැබෙනවද කියලාත් තීරණය වෙන්නෙ. පළමු ඕඩර් එකෙන් පස්සෙත් වෙන අයගෙන් ඕඩර් එන් නැතිනම් ටික කාලයක් ඉදලා තව ඕඩර් එකක් වෙන යාලුවෙක්ගෙන් ඉල්ලගෙන ඒකෙනුත් හොදම 5 star rating එක්ක Review එකක් ඉල්ල ගන්න. හැබැයි පුතාලා මේ වැඩේ ඕනෑවට වඩා එපා. කීවනෙ මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ආයෙ අයෙ නොකර ඉන්න එක ඇගට ගුණයි. මේ වැඩේ හරියන් නැතිනම් ඔයා ඊලගට කරන්න ඕනෙ වැඩේ තමා හැමදාම Buyer request දාන එක. ඒක තමා දිනපතා කරන්න ඕනෙ වැදගත්ම වැඩේ ඔයාලා. මම මේ Fake Order වැඩේ මුලින්ම කීවත් මීට කලින් ඔයා හොද Research එකක් එක්ක කරන්න ඕනේ වෙනත් වැඩ ටිකක් තියෙනවා. මේක කරන්න ඕනේ හැබැයි ඒ ටික හරියටම ඉවර කරලා. එහෙනම් ඊලගට කියන්න යන්නේ ඒ වැඩ ටික ඔන්න. මතක ඇතිව මරිසි ගේම් ගහන අයනම් ඔන්න Fiverr terms and condition කියවලා බලන්න හොදේ. මේ වැරදි වැඩනම් මම අනුමත කරන් නෑ. ඒත් ඉතින් ගොඩයන්නත් ඕනෙනෙ අපේ අය…….

2) Make Trustworthy clients


උඩින් මම කියපු වැඩ ටික හරියට වුනානම් දැන් ඔයාට 70% විතර චාන්ස් එකක් තියෙනවා ඕඩර් එකක් ලැබීමට. ඒකට හේතුව තමයි, Fake order හරියට කරලා තියෙන නිසා 5 star ratings වගේම හොද postive review ඔයාට තිබීමත් Gig එකට අදාල title, description, tags වගේ දේවල් හරියටම තිබීම. මේ කිසිවක් නොකර buyer request දිනපතා බලලා හරියටම දානවනම් ඔඩර් 2-3ක් වත් අනිවා සෙට් කරගන්න පුලුවන්. ඕඩර් සෙට් වුනාට වැඩක් නෑ ඔයා ඒවා හරියට කලේ නැතිවුනොත්. හදිසියේ වත් ඔයාගෙ වැඩේ ගැන client සතුටු නොවී negative feedback එකක් එහෙම දුන්නොත් ඔයාට ආයෙ ලේසියෙන් නම් Fiverr first page එකට තියා ඕඩර් එකක් වත් නම් ආයෙ ගන්න ලැබෙන්නෙ නෑ. මේ නිසා ලැබෙන වැඩේ client එක්ක හොදට කතා කරලා ගානට වෙලාවට හොදට කරන්න ඕනෙ. එයාට ඔයාගෙ වැඩේ ගැන satis වෙලා 5 star rating එක්ක හොද review එකක් ආවා කියන්නේ ඔයාගෙ වැඩේ හරි. මේක එයා ඔයාට තවත් ඕඩර් දෙන්න බලපානවා වගේම Fiverr search rank එක උඩට යන්නත් ලොකුවටම බලපානවා. මේ වගේ නැවත නැවත ඕඩර් ඔයාටම දෙන විශ්වාසවන්ත client ලා සිටීම ඔයාගෙ ගිග් එක අර කීව Keyword වල උඩට එන්න අනිවා බලපානවා. ඒ නිසා ආයෙත් කියන්නේ ලැබෙන වැඩේ උපරිම හොදට කරන්න.

3) Increase your conversion rate


සාමාන්‍යයෙන් buyer කෙනෙක් එහෙමත් නැතිනම් client කෙනක් ඕඩර් එකක් දෙන්න කලින් එයා seller ලා කීප දෙනක් එක්කම කතා කරනවා. එහෙම කතා කරලා වැඩේ ගැන උපරිම සාධාරණයක් කරයි කියලා හිතෙන seller කෙනෙක්ට තමා එයා ඕඩර් එකක් දෙන්නේ. මෙතනදි seller කෙනෙක්ගේ conversion rate එක කියන්නේ එයා එක්ක කොපමණ buyer ලා ප්‍රමාණයක් Message කලාද එයින් කී දෙනෙක් ඕඩර් එයාට දුන්නද කියන එක. අපි හිතමු ඔයාට buyer ලා 10 දෙනක් message කරලා ඒකෙන් එකම එක්කෙනෙක් ඕඩර් එකක් දුන්න කියලා, එහෙනම් ඔයාගෙ conversion rate = 10%. මෙන්න මේ conversion rate එක වැඩිවෙන්න වැඩිවෙන්න තමා ඔයාගෙ ගිග් අර කීව keyword වලින් උඩට එන්නෙ. ඒ නිසා ඔයාට message කරන buyer ලත් එක්ක සන්නිවේදනය උපරිමෙන් කරන්න වෙනවා වගේම ඕඩර් එක දෙන විදියටම කතා කරගන්න වෙනවා.

4) Stay online 24/7


සාමාන්‍යයෙන් client කෙනෙක් එයාගෙ වැඩේ පුලුවන් ඉක්මනටම කරගන්න තමා බලන්නෙ. එතනදි ගොඩක් buyers ලා Fiverr search කරන ගමන්ම අදාල වැඩේට අදාලව Active sellers ලා කවුද ඉන්නෙ කියලත් බොහෝවිට සොයා බලනවා. මේ නිසා ගොඩක් Active එහෙමත් නැතිනම් Online ඉන්න seller කෙනෙක්ට පොඩි වාසියක් අත්වෙනවා. ඒ වගේම බයර් කෙනෙක් හරිම කැමතියි seller කෙනෙක් වැඩේට අදාලව ඉක්මනින්ම reply කරනවනම්. පෞද්ගලිකව මමත් Fiverr buyer කෙනෙක් විදියට වැඩ කරලා තියෙන නිසා මම මේ ගැන හොදට දන්නවා. මගේ එක වැඩක් බොහොම ඉක්මනින්ම මම කරගත්තා Active seller කෙනෙක් නිසා.

ඒ නිසා ඔයාලත් පුලුවන් තරම් Fiverr Active වෙලා ඉන්න. ඔයාට පුලුවන් Fiverr mobile app එක ඔයාගෙ ස්මාර්ට් දුරකථනයේ Install කරගන්න. ඔයා ලැප් එකකින් හරි කොම්පියුටර් එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා නම් වෙබ් බ්‍රවුසරේ එක ටැබ් එකක හැමවෙලේම Fiverr.com වලට ලොග් වෙලාම තියන්න. මේ විදියට Online ඉන්න එකත් Fiverr search rank එකට බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. මේ විදියටම Fiverr Blog එකයි Fiverr forum එකත් නිතරම කියවන්න. ඒකෙනුත් ගොඩක් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයාලට.


5) Become a higher level seller


සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා Level one seller, Level two seller වගේ තත්වෙකට ආවම අනෙක් අලුත් සෙලර් කෙනෙක්ට වඩා එයාලට ඕඩර් එනවනෙ කියන කතාව ඒකට ප්‍රධනතම හේතුව එයාලා Fiver search result එකේ උඩම එහෙමත් නැතිනම් පළමු පිටුවේ සිටීම. මේ හේතුව තමා එයාලට ඕඩර් එන්න ලොකුවටම බලපාන්නේ. ඔයාලත් එන ඕඩර් හරියට කරගෙන හොද රිවීව් ටිකකුත් එක්ක Level 1, 2 ආවොත් එතනින් එහාට ගමන අතිශය කාර්‍යබහුලයි. ඕඩර් එන්න ගන්නවා කරගන්න බැරි තරමට. ඒ වගේම මෙහෙම level up වීම අර කීව Keyword වලට ඔයාගෙ රෑන්ක් උඩටම අරන් එන්න සමත් වෙනවා. ඔයා කලින් අපි කීව gig seo part එක හරියටම කලොත් අදාල search result එකේ 1,2,3 යන ස්ථානවල ඉන්නවා නියතයි. මෙහෙම level up වෙන්න ඉතින් ටිකක් කට්ට කන්නම වෙනවා. කාලයක් යනකන් ඉවසන් ඉන්නත් ඕනෙ. ඒ නිසා වැඩේ බාගෙට කරලා නවත්වන්න එපා. ඒ ගමන්ම මට හොයාගන්න පුලුවන් වුනු තවත් කාරණයක් තමයි මෙහෙම Level up වුණු ගමන්ම එක පාර ඕඩර් වල අඩුවක් වෙනවා කියන එක. ඒකේ ඇත්ත තේරුම නම් මම දන්නේ නැහැ. හැබැයි එහෙම වෙනවා කියලා තමා හොයාගන්න පුලුවන් වුනේ. සාමාන්‍යයෙන් level one seller කෙනෙක් වෙන්න ඔයා අවම ඩොලර් 400ක් උපයන්න ඕනෙ. ඒ වගේම level two seller කෙනෙක් වෙන්න ඩොලර් 2000ක මුදලක් උපයන්නත් වෙනවා.


6) Promote Your Gigs in Social media


මේ ගැනනම් මම වැඩිය කතා කරන්න යන්නේ නෑ. කෙටියෙන් කීවොත් ඔයාට පුලුවන් ඔයාගෙ ගිග්ස් Facebook, twitter, linkedin, instagram හා pinterest වල promote කරගන්න. මෙතනදි ඔයාගෙ Link එක හල හල යන්න එපා. මොකද ඒකෙන් ඔයා බ්ලොක් වෙන්න පුලුවන්. ඔයා මෙතන්දි බලන්න ඕනෙ ඔයාගෙ buyers ලා වෙන්න පුලුවන් අය මොන social media වල මොනවගේ තැන්වලද ඉන්නෙ කියලා. මේ ගැන තවත් පැහැදිලි කරලා කීවොත්, අපි හිතමු ඔයා seo services sell කරන කෙනෙක් කියලා. එතකොට ඔයාගෙ service එක ඕනෙ වෙන්නෙ වෙබ් අඩවි හිමිකරුවන්ට හා වෙබ් ඩිසයින් ගැන උනන්දු අයට. ඉතින් ඔයාට පුලුවන් Web design and development වලට උනන්දු අය ඉන්න Facebook Groups වලට සම්බන්ධ වෙලා ඒවයේ ඉන්න අය එක්ක engage වෙලා හෙමින් සැරේ ඔයාගෙ Gig එක ගැන විස්තරයක් දාන්න. මෙතනින් ඔයාට පුලුවන් වෙයි හරියටම Targeted customers ලා පිරිසක් ඔයාගෙ ගිග් එකට ගෙන්න ගන්නත්. මේ අයගෙන් හදිසියේ හරි එකෙනෙක් හරි ඔයාව ඕඩර් කලොත් ඉතින් ආයේ කතා ඕනෙ නෑනෙ. ඔයා ගොඩ……. Facebook විතරක්ම නෙමේ අනෙක් සමාජ ජාල වෙබ් අඩ්විත් එක එක niche වලට වෙන වෙනම ගැලපෙනවා.

හැමවෙලේම ඔයා buyer කෙනෙක් හිතන විදියට හිතලා බලන්න. ඊට පස්සෙ ඒ ගැලපෙන buyer ලා හොයාගන්න තමා ඔයා මේ සමාජ ජාල භාවිතා කරන්න ඕනෙ. නිකන් ඔයාගෙ brand එකට facebook page, facebook group, linkedin profile, twitter account, instagram profile එකක් හදාගෙන හිටපු පලියටනම් වැඩක් නැහැ. මම වැඩිපුර මේ social media marketing ගැනනම් කතා කරන්න යන්නේ නැහැ. එහෙමවුනොත් මට මාතෘකාවෙන් පිට පනින්න වෙන නිසා. ඉස්සරහට social media marketing, branding ගැන ගොඩක් විස්තර එක්ක ලිපි සෙට් එකක්ම ඉස්සරහට අරගෙන එන්නම්කො. දැන් මාතෘකාවෙ හැටියට බලමු ඔයාගෙ Fiverr gig ranking එකට කොහොමද මේ social media වල promote කරන එක බලපාන්නේ කියලා,

ඔයා gig එක වෙන social media වල share කරගන්න කොට automatically fiverr එකට ඒවායෙන් සෙනග ගලා එනවා. එතකොට වෙන්නේ එයාලගෙ වෙබ් අඩවියට තවත් ම්නිස්සු ගලාගෙන ඒම හරහා එයාලගෙ business එක නොමිලේම promote වෙන එක. එතකොට එයාලගෙ වෙබ් අඩවියේ alexa rank එක ගොඩක් අඩු වෙනවා. ඒක එයාලට ලොකු වාසියක්. තව කීවොත් මේ social media හරහ අලුත් කෙනෙක් ඇවිල්ල ඉන්න ඕනෙම seller කෙනෙක්ට ගානක් ගෙවලා service එකක් ගත්තා කියලා. මේ හැම ඕඩරේකින්ම 20% එයාලගෙ account වලට යන නිසා සමාගමේ ආදායමත් එන්න එන්න වැඩි වෙනවා. මේ නිසයි ෆයිවර් එක කැමති ඔයාල Gig promote කරන්න සමාජ ජාල යොදාගන්නවට. මේ විදියට කරන අයගෙ rankings අපි අර කතා කරපු keywords වල උඩට එන්න බලපානවා කියලා තමා මට හොයාගන්න පුලුවන් වුනේ. ඒ නිසා ඔයාලා ගිග් එක නිවැරදිව හදලා ඉවර වුනාම ඒවා මම අර කීව විදියට හිතලා සමාජ ජාලවලට බෙදගෙන ගේමක් සෙට් කරගන්න.


වෙනත් වැදගත් කරුණු

• ඔබට ෆයිවර් වල සෑදීමට පුලුවන් ගිග් හතම එකම category එකක් තුළ සෑදීම කරන්න. මෙහෙම කලාම ඔබ ඒ category එක තුළම ගොඩක්ම නිරාවරණය වීම සිදුවෙනවා විතරක් නෙමේ ගිග් වලින් එකකට හරි ඕඩර් එන්න චාන්ස් එකක් නිර්මාණය වෙනවා. එක ලග යන ගිග් සෙට් එකක්ම හදාගන්න එක අපේ ප්‍රධාන මාතෘකාවෙ කතා කරපු search terms වල ඉහලට එනවා කියලත් මට හොයාගන්න පුලුවන් වුනා. මේ ගැන මම කලින් ෆයිවර් ගැන දාපු ලිපිවලත් පුන පුනාම කතා කරා. ගිග් ඔක්කොම සෑදීම ඕඩර් එන්න තියෙන අවස්ථාව මීට වඩා හොදට එතනදි කතා කරලා ඇති. ඒ ලිපිය මේ බ්ලොග් එකෙන් පීරලා හොයාගන්න අවශ්‍ය අය ඉන්නවනම්.

• අනෙක් වැදගත්ම දේ තමා gig title, gig images වගේ ඒවා ආයෙ වෙනස් කරන්න එපා කියන එක. මොකද ඒක අපේ gig ranking වලට කෙලවෙන දෙයක්. මොකද ඔයා title වෙනස් කලත් gig url එක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා url තියෙන්නෙ මුලින්ම දීපු ටයිටල් එකට නිසා ඒක ඔයාගෙ රෑන්කින් වලට අශුභවාදීව තමා බලපාන්නේ. Image වලටත් මේක negative විදියට තමා බලපාන්නෙ. ඒ නිසා මුලින් දීපු title, image වෙනස් කරන්න එපා. Tags, description නම් ඔයාට පස්සෙ වෙනස් කරගන්න පුලුවන්. ඔයා තෝරගත්තු tags වලට අදාලව ranking වල වෙනසක් පේන්න නැතිනම් වෙන tags ටිකක් දාලා ඒවාට අදාලව description එක වෙනස් කරගන්න. මමනම් කියන්නේ මෙහෙම ආයෙ ආයෙ වෙනස් කරනවට වඩා gig එක delete කරලා අලුතින් title, description, tags එක්ක අලුත් ගිග් එකක් හදන එක හොදයි කියලා.

එහෙනම් අදට ඇති

ඔබට ජය

___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs