• Home
  • About Us
  • Contact Us
  • Terms & Conditions
  • Privacy Policy
  • Disclaimer
Online expert LK
  • Home-icon
  • FIVERR
  • DROPSHIPPING
  • ADSENCE
  • SCO
  • YOU TUBE
  • AFFILIATE
  • ADD NETWORK
  • SIMPLE E MONEY JOB
HomeYou TubeOnline සල්ලි හොයන ක්‍රම 8ක් මෙන්න සින්හලෙන්

Online සල්ලි හොයන ක්‍රම 8ක් මෙන්න සින්හලෙන්

Miliya August 08, 2020
    Online සල්ලි හොයන ක්‍රම 8ක් මෙන්න.

Freelancing

Freelancing කියන්නෙ Online සල්ලි හොයන්න තියෙන්නෙ ප්‍රසිද්දම ක්‍රමයක්. ඒ වගේම Websites ගොඩක් තියෙනවා freelance tasks දෙන මිනිස්සුන්ට. තමන්ගේ skill එක අනුව තමන් කරන්න යන්නෙ මොකක්ද කියලා තීරනය කරලා ගැලපෙන website එකක් තෝරගෙන account එකක් හදන්න තියෙන්නේ. Website වලට උදාහරන වශයෙන් අපිට Fiverr සහ Upwork වගේ ප්‍රසිද්ද sites ගන්න පුළුවන්. මේ වගේ Websites වල තමන්ට සමාන skills තියෙන ගොඩ දෙනෙක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ගේ pricing එක්ක compare කරලා තමන්ගේ skill එකට සාදාරන ගානක් දාන්න පුළුවන් අපිට.

ඒ වගේම account එක හදපු ගමන් orders එයි කියලා බලාපොරොත්තු තියං ඉන්නෙපා ටික කාලයක් ඉවසලා බලන්න. තමන්ගේ Profile එක වගේ දේවල් හරියටම සෙට් කරගත්තොත් ප්‍රශ්නයක් නැතුව orders එයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙතනදි අපිට සල්ලි හම්බ වෙන්නෙ අපි task එක complete කලහම සහ client approve කරහම විතරයි.

කියවන්න 

Fiverr වලින් සාර්තකව මුදල් හොයන්න පෝස්ට් 4ක්

තමන්ගෙම Website එකක් පටන් ගැනීම

Website එකක් හදද්දි අපිට domain එකක්, templates සහ website design එකක් තෝරගන්න වෙනවා. මේ ඔක්කොම කරාට පස්සෙ අපිට අදාල content දාලා හැමෝම දන්නවා වගේ Google AdSense approval එක ගන්න තියෙනවා. අපේ Website එකේ traffic වැඩි වෙන්න වැඩි වෙන්න අපිට සල්ලි හොයන්න පුළුවන්. මතක තියාගන්න මුලින් AdSense apply නොකර හොද traffic එකක් හදාගන්න පස්සෙ AdSense Approve කරගන්න.

අමතක කරන්න එපා, සිංහල content වලට තාම Adsense approval හම්බෙන්නෑ. තිබ්බ නම් අපිත් දානවා. Apply කරත් approve උනේ නෑ.

කියවන්න.

Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

බොල්ග් වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිය.

Affiliate Marketing

අපේ Website එක වැඩ කරන්න පටන් ගත්තම අපිට පුළුවන් companies වලට web links insert කරන්න දීලා එහෙම සල්ලි හොයන්න. අපේ Website එකට visitors ලා ආවම ඒගොල්ලෝ ඒ Links click කරලා මොනවහරි purchase කරහම තමා අපිට ගානක් එන්නේ.

කියවන්න......

Translating

තමන් English වලට වඩා තවත් Languages කිහිපයක්ම දන්නවා නම් මේක හොද අවස්තාවක් වෙයි ඔයාට ගානක් හොයාගන්න. Websites කිහිපයක්ම තියෙනවා translation projects දෙන. මෙතනදි තව Language එහෙකින් තවත් Language එහෙකට translate කරනවා කියන්න ටිකක් අමාරු දෙයක් සහ වෙලාව යන දෙයක් පොත් වගේ දුන්නොත්. තමන්ට වෙලා තියෙනවා නම් අර කලින් කිව්වා

 Fiverr, Upwork වගේ ඒවයේ Professional translators ලා විදියට වැඩ කරන්නත් පුළුවන්.

Online Tutoring

තමන්ට මොකක් හරි subject එකක් ගැන හොද දැනුමක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ online tutoring කරලා කට්ටියට සල්ලි හොයන්න.මේවට වෙනම Websites තියෙනවා simply account එකක් හදන්න තියෙන්නෙ අපිට form එකක් fill කරලා. අපිට මෙතනදි හැම වයස්කාන්ඩයකමට වගේ උදව් කරනවා වගේම ගානක් හොයන්න පුළුවන්. අපේ දැනුමත් අලුත් වෙන ගමන් සල්ලිත් හොයන්න පුළුවන් ලේසිම ක්‍රමයක් මේක.

Social Media

අපි පැය 24න් සෑහෙන කාලයක් මේ social media වලට නාස්ති කරනවා නේ ඒ නාස්ති කරන කාලයම social media වලින් සල්ලි හොයන්න පාවිච්චි කරොත් අපිට හොද ගානක් හොයන්න පුළුවන්.

ගොඩක් companies තමන්ගේ products promote කරගන්න social media strategistලව හයර් කරනවා. මෙතනදි ගොඩක්ම ඕනේ වෙන්නෙ creative ideas වලට post හදන්න සහ videos හදන්න වගේ දේවල්. නමුත් මතක තියාගන්න පොස්ට් එකක්, වීඩියෝ එකක් හදපු පමනින් ඔබ social media strategist කෙනෙක් නොවෙන බව. මේකට අපිට කාලට වැය කරන්නත් වෙනවා ටිකක් වැඩිපුර.

Content Writing

උඩ කිව්වා වගේ Fiverr, Upwork වගේ sites වලින් content writersලා හයර් කරනවා කට්ටිය, ඒ හරහා ගානක් හොයන්නත් අපිට website එකක් නැති උනත් වෙන website වලට content දීලා අපිට ගානක් හොයාගන්න පුළුවන්.

බොල්ග් වෙබ් අඩවියක් මගින් අන්තර්ජාලයෙන් මුදල් උපයන විදිය.

PTC Sites

ලංකාවෙ ගොඩ දෙනෙක් මේක නම් කරනවා. Add click කරහම වගේ අපිට පොඩි ගානක් දෙන්නෙ ඇත්තටම කාලය නාස්ති කිරීමක් ඒක. නමුත් කරලා බලන්න පුළුවන් කැමති කෙනෙක්ට PTC කියන්නෙ paid-to-click කියනෙකයි. හැම PTC සයිට් එකක්ම නම් ශුවර් කරන්න බෑ ඒ හින්දා එකක් පරිස්සමින් හොයාගන්න ඕනේ. Friends ලා refer කරලත් මේවා හරහා අපිට ගානක් හොයන්න පුළුවන්.මේක අන්තිමට දාන්න හෙතුවත් ලොකුවට වැඩක් නැති වීමයි.

මේ තියෙන්නේ ලේසියෙන් online money හොයන්න පුලුවන් සාර්ථක ක්‍රම කීපයක්. මීට වඩා ක්‍රම ඔයාල දන්නවා ඇති. එහෙම දේවල් අනිත් අයත් එක්ක share කරගන්න comment section එකේ comment කරන්න.

අපගේ අවවාදයයි

Pivot, Gram වගේ App වලින් හොයන්නේ emoney නෙවෙයි. අනික ඒ දේවල් බොරු දේවල්. තමන්ගේ කාලය නාස්ති නොකර උඩ කියල තියෙන ක්‍රම වලින් එකකට හෝ කීපයකට කාලය යොදවලා සාර්ථකව මුදල් උපයන්න පටං ගන්න.



Tags
Add network Adsence Affiliate Dropshipping Fiverr SCO simple e money job You Tube
Reactions
  • Newer

    Online සල්ලි හොයන ක්‍රම 8ක් මෙන්න සින්හලෙන්

  • Older

You may like these posts

Post a Comment

1 Comments

  1. E money sinhala8 August 2020 at 00:43

    Tdh

    ReplyDelete
    Replies
      Reply
Add comment
Load more...

SUBSCRIBE US

Enter your email address:

Delivered by FeedBurner

Social Plugin

Recent Posts

3/recent/post-list

Categories

  • Add network 4
  • Adsence 5
  • Affiliate 3
  • Dropshipping 3
  • Fiverr 6
  • SCO 3
  • simple e money job 4
  • You Tube 4

Contact Form

Name

Email *

Message *

Created By eaadhar | Distributed By Blogger Themes