මේ බ්ලොග් අඩවිය කියවන ඔයා Youtube එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ කෙනෙක් නෙමේ කියලා හිතනවා, මොකද අද වෙනකොට වයස අවුරුදු 8-9 පොඩි දරුවෙක්ගෙන් ඇසුවත් මේ ගැන දන්න පොඩ්ඩො ගොඩක් ඉන්නවා. ඔයාලා ගොඩක් දෙනා මේ වෙනකොටත් දවසේ වෙනම කාලයක් Youtube Videos බලන්න වෙන් කරනවත් ඇති.
Youtube ගැන තවදුරටත් කිව්වොත් ලෝකයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය තමයි මේක. දිනපතා මිලියන ගණනක වීඩියෝ ප්‍රමාණයක් යූටියුබ් එකට Upload වෙනවා වගේම ඒ වීඩියෝ වල තියෙන සියලුම කාල සැලකුවොත් අවුරුදු සිය ගණනක කාලයක් එහි අන්තර්ගත වෙනවා. පුදුමත් හිතෙනවා නේද?
Youtube එකේ වර්තමාන අයිතිකරුවා වන්නේ ඇමරිකානු Google සමාගම. ඉතින් ජනප්‍රියත්වය ගත්තොත් Google.com එකට පසුව ලෝකයේ දෙවනියට වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය වන්නේ මේ යූටියුබ් එකම තමා. Alexa Rank සලකා බැලුවොත් google.com පළමු ස්ථානයත් Youtube.com දෙවන ස්ථානයත් Facebook.com තුන්වන ස්ථානයත් හිමිකර ගනු ලබනවා. ඒකෙන් අදහස් වෙන්නේ දැන් Facebook එකටත් වඩා මිනිස්සු Youtube වෙත ආකර්ෂණය වෙලා කියන එකයි.
මේ මිලියන ගණනක් වූ වීඩියෝ නැරඹිමට දිනපතා ලොව පුරා බොහෝ දෙනෙක් පැමිනෙණවා වගේම ඔයාටත් පුලුවන් ඔයාගෙ මොකක් හරි දෙයක් සම්බන්ධ වීඩියෝ එකක් පහසුවෙන් මේ යූටියුබ් එකට අප්ලෝඩ් කරන්න.
ඔයාගෙම Channel එකක් හදලා මොකක් හරි ක්ෂේතයක් ගැන හොද ආකර්ෂණීය විස්තර ඇතුලත් වීඩියෝ නිර්මාණය කරලා ඒවා නිරන්තරයෙන් අප්ලෝඩ් කලොත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් අය එනවා. ඉතින් මේ ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් Views ලැබෙද්දි ඒ හරහා පහසුවෙන් මුදල් උපයන්න පුලුවන්. ඉතින් මේ වීඩියෝ වලින් පහසුවෙන්ම මුදල් උපයන්න පුලුවන් ක්‍රමය තමයි අද මේ ඔයාලට කියල දෙන්න යන Youtube Adsense හරහා මුදල් ඉපයීමේ ක්‍රමය.
අපි මීට කලින් කීවා මතක ඇති Youtube එකේ අයිතිකාරීත්වය දරන්නේ ගූගල් සමාගම කියලා, ඉතින් මේ ගූගල් සමාගම සතුව Google Adsense කියලා Platform එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ Google Search Engine එකේ කිසියම් සෙවුම් වචනයක් එහෙමත් නැතිනම් Keyword එකක් සදහා Advertisement එකක් පෙන්නුම් කරන එක. ඉතින් දවසකට දහස් ගණනින් ඇඩ්ස් ගූගල් වෙත ලැබෙනවා. මේ ඇඩ්ස් අදාල Audience එක ලැබෙන වෙබ්, බ්ලොග් හා youtube video වෙත බෙදා දීමට google කටයුතු කරනව වගේම අදාල ඇඩ් එකකට ලැබෙන මුදලින් 55% කොටසක් අදාල Publisher වෙත ගෙවීමද කරනවා. Youtube Adsense කියන්නේ මේ ඇඩ්ස් ඔයාගෙ වීඩියෝ වල දර්ශනය කරලා අදාල පුදගලයන් එම ඇඩ් එක View කරන හා Click කරන ප්‍රමාණයට ඔයාට මුදල් ගෙවන එකටයි.
ඔයාලා හැමෝම දන්න Iraj, Wasthi Production, Chanux Bro කියන අය මේ Youtube Adsense හරහා ලොකු මුදල් ප්‍රමාණයක් මේ වනවිටත් උපයමින් සිටිනවා. ඉතින් කොහොමවුනත් මේ Youtube Adsense කියන දේ තවම ගූගල් ආයතනය ලංකාවට අනුමත නොකරපු දෙයක්.
චැනල් එකේ සම්පූර්ණ Views ප්‍රමාණය 10,000 වීමෙන් පසුව මේ ගූගල් ඇඩ්ස් ඔයාගෙ වීඩියෝ වල දර්ශනය කරවන්න ඔයාටත් පුලුවන්. ඉතින් ඒකට ඔයාට Google Adsense ගිණුමක් තිබීම අනිවාර්‍ය වෙනවා.
Google Adsense ගිණුමක් සදහා Register වෙද්දි ඔයාට ඔයාගෙ නම ඊමේල් වගේම Address එකත් ඇතුලත් කරන්න වෙනවා. ඔයා ඇඩ්සෙන්ස් වලින් මුදල් උපයද්දි ඒ මුදල් ලබා ගන්න නම් අදාල Address එක තහවුරු කරන්න ඔයාට සිදුවෙනවා. එතන්දී ඔයාගෙ ගිණුමේ 10$ වුනාට පස්සෙ ගූගල් විසින් Pin අංකයක් ඔයා දීපු ලිපිනයට එවනවා. ඒ Pin එක ඔයාගෙ ඇඩ්සෙන්ස් ගිණුමට ඇතුලත් කලාට පස්සෙ ඔයාගෙ ගිණුම Verified Adsense Account එකක් වෙනවා. මේ වැඩෙන් පස්සෙ ඔයාට උපයන මුදල් නීත්‍යානුකූලව ගන්න පුලුවන්.Youtube Adsense ලංකාවට අනුමත නැති නිසා මෙතනදී ලංකාවෙ address එකක් දුන්නොත් ඔයාගෙ ගිණුම ගූගල් ආයතනය අත්හිටුවීමට කටයුතු කරනවා.
මේ වැඩේ නිසා ලංකාවෙ ගොඩක් වීඩියෝ කරන අය දැඩි අපහසුතාවයට පත්වෙනවා. ඉතින් මේ Youtube Adsense කියන එක වෙනත් සාර්ථක ක්‍රමයකින් ලබා ගන්න ඔයාට පුලුවන්. එනම් බ්ලොග් අඩවියක් ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය කරලා ඒ බ්ලොග් අඩවියට Adsense for Content අරන් අදාල ඇඩ්සෙන්ස් ගිණුම ඔයාගෙ Youtube Channel එකට ලින්ක් කිරීමයි. ඉතින් මේ Adsense for Content කියන දේ ලෝකයේ ඔනෑම රටකට ගූගල් අනුමත කරනවා.
මේ නිසා ඔයා කරන්න ඕනෙ Google.com හරි wordpress.com වලට හරි ගිහින් ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් අඩවියක් පටන් ගෙන ඒකෙ ඉතා වටිනා ලිපි 20ක් පමණ පළකර අදාල බ්ලොග් අඩවියට ඇඩ්සෙන්ස් ගැනීමයි. ඔයා බ්ලොග් අඩවියක් හදන්න දන්නෙ නැතිනම් මේ ලිපියේ ඒ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා.
ඉතින් ඉහත ලිපි 20ක් කියන දේ අවම සාධකයක් නොවන බව හොදට මතක තියාගන්න. සමහරවිට ඔයාට ලිපි 50ක් විතර ලියන්නත් වේවි. සමහරවිට ලිපි 10-15 කින් මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන්. මේ වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරගන්න ඔයාට මාසයක් දෙකක් හෝ මාස 6 ක් ගතවෙන්නත් පුලුවන්. කරන්න තියෙන්නෙ කොහොමහරි මහන්සි වෙලා බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ගන්න එක. ඔයාට වචන 1000 කට වඩා වැඩි ඉතා වටිනා ලිපි ලියන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට ඉක්මනින් ගොඩ යන්න පුලුවන්. ඇඩ්සෙන්ස් ඔයාගෙ බ්ලොග් එකට ගන්නෙ කොහොමද කියලා මෙන්න මේ ලිපියේ ලොකු විස්තරයක් තියෙනවා. ඒක අනිවා මතක ඇතිව කියවන්න.
ඔයා ඉංග්‍රීසියෙන් ලිපි ලියන්න දන්නෙ නැතිනම් කවුරුහරි ඉංග්‍රීසි දන්න යාලුවෙක්ට හරි කියලා කොහොමහරි වැඩේ කරගන්න. එහෙමත් නැතිනම් Kuppiya.com, Elakiri.com වගේ තැනකින් ඔයාට මුදල් ගෙවලා මේ වැඩේ කරගන්න යහලුවෙක් හොයාගන්න ලේසියෙන් පුලුවන්. එහෙමත් නැතිනම් 20$ කට වගේ Fiverr.com වලින් කෙනෙක්ගේ සේවය ලබා ගන්න ඔයාට පුලුවන්.
බ්ලොග් එකට ඇඩ්සෙන්ස් ගත්තට පස්සෙ ඔයාට පුලුවන් Monetization යටතේ ඔයාගෙ Adsense Account එක Youtube Channel එකට Connect කරන්න.
මෙතනින් පස්සෙ ඔයා කරන්න ඕනෙ ඉතා වැදගත් හා වටිනාකමක් තියෙන වීඩියෝ නිර්මාණය කරලා Views හා Subscribers ලා ප්‍රමාණය වැඩි කරගන්න එක. ඔයාට පුලුවන් Facebook, Twitter, Google Plus වල චැනල් එක වෙනුවෙන්ම Profiles හදලා ඒවායේ Likes, Followers ප්‍රමාණය වැඩි කරගෙන ඔයාගෙ Views හා Subscribers ගාන වැඩි කරගන්න.


ඔයා චැනල් එක කරන්නෙ සිංහලෙන් නම් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ලංකාවෙ අය. මේ ලංකාවෙන් ලැබෙන 1000 Views වලට ඇඩ්සෙන්ස් ගෙවන්නෙ 0.3$-0.5$ වගේප්‍රමාණයක්. නමුත් ඔයාගෙ චැනල් එක ඉංග්‍රීසියෙන් කරලා ඇමරිකාවෙන්, එංගලන්තයෙන් හා යුරෝපයේ අනෙක් රටවලින් Views ගත්තොත් 1000 Views වලට 2$-4$ වගේ ගෙවීමක් සාමාන්‍යයෙන් ලැබෙනවා. පුලුවන් නම් ඉංග්‍රීසියෙන් චැනල් එක කරන්න බලන්න.

අවසානය 
ඉතින් ඔයාට කරන්න තියෙන්නෙ මේ Steps ටික Follow කරලා ඇඩ්සෙන්ස් අරන් Youtube Adsense හරහා ලොකු ගමණක් යන්න. මේ වැඩේ කරන්න කලින් හොද සැලැස්මක් හදලා ගේම ගහන්න. ඔයා ගොඩ යනවා sure. ඉස්සරහට අපි මේ චැනල් එකේ Views හා Subscribers ලා වැඩි කරගන්නෙ කොහොමද කියලා කියන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අපිව උනන්දු කරන්න පුලුවන්නෙ ඔයාලටම තමයි. හැකිනම් මේ ලිපිය Facebook, Twitter, Google Plus වල හැකිතරම් Share කරන්න. මේ ලිපිය ගැන ඔයාගෙ අදහස පහළින් Comment කරලා යන්නත් අමතක කරන්න එපා.

 ___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs