ඉතින් අද වෙනකොට ලංකාවේ ගොඩක් Youtube Content Creators ලා ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනෙක් මේ  Youtube එකට එන්නෙ Adsense ලබා ගැනීමේ අරමුණින්  වෙච්ච අලුත් Monetization Rules නිසා මේ වැඩේට 4000 Hours Watch Time ප්‍රමාණයක් හා  අවම 1000 Subscribers ප්‍රමාණයක් සිටීම අනිවාර්‍ය වෙනවා. මේ නිසා අලුතින් එන කෙනෙක්ට මේ ඇඩ්සෙන්ස් එයාලගෙ චැනල් වලට ගන්නවා කියන්නෙ මාරම අමාරු වැඩක් වෙලා තියෙනවා. මේ නිසාම අලුතින් පටන් ගත්ත ගොඩක් Youtubers ලා වැඩේ පැත්තකට දාලා අයින් වෙලා ගියා කියලා අපි හොදටම දන්නවා.

තවත් සමහර අයට උනු දෙයක් තමා, කොහොමහරි අවශ්‍ය Monetization Requirements සම්පුර්ණ කලත් එයාලගෙ චැනල් Youtube විසින් අනුමත නොකිරීම. දැන්නම් Quality එක අඩු Image Slideshows වගේ වීඩියෝ වලට Youtube Monetization ලැබෙන්නෙම නැති තරම්.

දැන්නම් Monetization Enabled Countries List එකේ ලංකාවත් ඉන්න නිසා රට වෙනස් කරලා Adsense ඉල්ලන්න ඕනෙ නෑ. මේ ගැන අපි මීට කලින් නීත්‍යානුකූලව ඇඩ්සෙන්ස් ඔයාගෙ Youtube Channel එකට ගන්න විදිය ගැන ලියූ ලිපිය තුලින් සාකච්චා කලා. ඒ ලිපිය කියෙව්වෙ නැතිනම් ඒකත් අනිවර්‍යයෙන්ම කියවන්න.

ඉතින් දැනටමත් ඔයා Youtube කරන්න ගිහින් සාර්ථක නොවුනු කෙනෙක්නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඒ වගේම අලුතින් Youtube පටන් ගන්න ඉන්න ඔයාලටත් මේක ගොඩක් වටින ලිපියක් වේවි. ඉතින් මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න යන්නෙ කොහොමද Youtube Channel එකකින් ඇත්තටම මුදල් උපයන්නෙ කියලා.

බ්ලොග් එකකින් වගේම Youtube Channel එකකිනුත් මුදල් උපයන්න ඔයාට Views තියෙන්න ඕනෙ. මේ නිසා ඔයාගෙ මුලික Target එක වෙන්න ඕනෙ කොහොමද මේ Views වැඩි කරගන්නෙ කියලා. මේකට ඔයාට අනිවාර්‍යයෙන්ම Subscribers ලා වැඩි කරගන්න වෙනවා. Subscribers ලා වැඩි කරගන්න නම් ඔයාලට වටිනාකමෙන් වැඩි වීඩියෝ නිරන්තරයෙන්ම Upload කරන්න සිද්ධ වෙනවා. මේකට ඔයාලට හොද සැලැස්මක් ඇතිව Quality එක වැඩි වීඩියෝ නිර්මාණය කරන්න වෙනවා. ඔයාලට පොඩ්ඩක් හරි ඉංග්‍රීසි පුලුවන්නම් International Target කරපු චැනල් එකක් පටන් ගන්න. මොකද ඒකට හේතුව තමා ලංකාවේ ඔයාලට Targetted Audience එක ඉතාම කුඩා වීම. ඔයාලා International Target කලොත් ඉතා විශාල පරාසයක පිරිසක් ඔයාලට Target කරන්න පුලුවන්. ඉතින් ඔයාට මේ චැනල් එක කරගෙන යද්දි නොයෙකුත් ප්‍රශ්න ඒවි. ඒ එන ප්‍රශ්න ජයගෙන ඉදිරියට කරගෙන යන්නෙ කොහොමද කියලා SL Geek පසිදු වගේම Chanux Bro කරපු පහත වීඩියෝ පෙලින් ලොකු අත්වැලක් ලැබේවි. ඒ වීඩියෝ Series එක එකින් එක බලන්න පහතින් ගිහින්.

(මෙම External Link වල Adfly Links ඇතුලත් කර ඇති අතර ඒවා Click කරගෙනම ගිහින් වීඩියෝ ටික බලන්න එකින් එක.)

1) Chanux Bro 100,000 Subscribers Story

2) Chanux Bro Speech in Ideahell

3) සල්ලි නැතිව Youtube Video හදන හැටි

4) Youtube සාර්ථකත්වයේ රහස්

5) Youtube Subscribers ලා වැඩි කරගන්නා ආකාරය

6) Youtube සාර්ථකත්වයට Tips 5ක්

7) Youtube එකෙන් සල්ලි හොයන හැටි

ඔයාලට අඩුම 500 Subscribers හා දවසකට 100+ Views වගේ එනකොට අද අපි කියලා දෙන මුදල් ඉපයිමේ ක්ර්ම අත්හදා බැලීම කරන්න පුලුවන්.* SL Geek Affiliate Marketing වලින් මුදල් ඉපයීම

ඉතින් කොහොමද අපි චැනල් එක හරහා මේ Affiliate Marketing වලින් මුදල් උපයන්නෙ? මම සරල උදාහරණයක් අරන් මේක කියලා දෙන්නම්.

අපි හිතමු ඔයාට Tech සම්බන්ධ චැනල් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයා ඒකෙ අලුත්ම Smart Phones ගැන Reviews කරනවා කියලා අපි හිතමු. එතනදි ඔයාට පුලුවන් Amazon, Aliexpress වගේ සයිට් වල Affiliate Programs වලට සම්බන්ධ වෙලා අදාල Phone එකට අදාල Affiliate Link එකක් නිර්මාණය කරගෙන ඒක ඔයාගෙ Video description එකේ දාගන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් කියන්න මේ Phone එක මිලදී ගන්නවනම් පහල Description එකේ තියෙන Link එකෙන් ගිහින් ගන්න කියලා. කවුරු හරි ඔයාගෙ ලින්ක් එකෙන් ගිහින් ගත්තම අදාල Phone එකේ මිලෙන් යම්කිසි ප්‍රතිශතයක් Commission එකක් විදියට ඔයාලට ලැබෙනවා.

මේ විදියට Tech බඩු ගොඩක් විකුණන්න පුලුවන් ඔයාගෙ චැනල් එක ජනප්‍රිය වෙද්දි. ඒ වගේම දැනටමත් ඔයාලට SL GEEK Affiliate ProgramDaraz Affiliate Program වලට සම්බන්ධ වෙලා ලංකාවෙදිම මුදල් උපයන්න පුලුවන්. එයාලගෙ Stores වල තියෙන බඩු review කරලා විකුනුවම ලැබෙන මුදල් Bank Account එකටම ගන්න පුලුවන්. ඉතින් ඉස්සරහට මේ Affiliate Programs ඔක්කොම ගැන වෙන වෙනම විස්තර ගෙනෙන්න අපි ලෑස්තියි.

Tech දේවල් විතරක් නෙමේ ඔයාගෙ චැනල් එකේ Niche එකට අදාලව භාණ්ඩ ලොකු ප්‍රමාණයක් Amazon, Clickbankවගේ ඒවගෙ තියෙනවා. ඒ නිසා හැම චැනල් එකකටම මේ Affiliate Marketing වලින් මුදල් උපයන්න පුලුවන්. ගොඩක් Bloggers ලා වගේම Youtubers ලත් වැඩියෙන්ම මුදල් උපයන්නෙ මේ ක්‍රමයෙන්. අපෙ අය වගේ අර ඩොලර් දශම ගණනක් එන ඇඩ්සෙන්ස් පස්සෙ දුවන්නෙ නෑ. ඊට පස්සෙ හෙලුව Market කරලා Views ගන්න මාර ගේමක් දෙනවා. ඒ නිසා ඔයාලත් ඇඩ්සෙන්ස් පස්සෙ පන්නනෙ නැතිව මේ ක්‍රමයෙන් මුදල් උපයන්න උත්සහ කරන්න. අනිවා ඔයාගෙ චැනල් එක දියුණු වෙද්දි ඔයා උපයන මුදලත් වැඩි වෙනවා. කරන්න තියෙන්නෙ මහන්සි වෙලා වටිනා වීඩියෝ හදලා ඔයාලගෙ චැනලය දියුණු කරගන්න උත්සහ කරන එක.

Youtube Adsense

ඔයාලා අපි හැමෝම දන්න මේක තමා ඕනෑම Youtuber කෙනෙක්ගෙ Target එක. මේ සදහා නම් අඩුම ඔයාගෙ චැනල් එකට 1000 subscribers  වගේම වසරක් ඇතුලත 4000 hours watch time එකක් තිබීම අනිවාර්‍ය වෙනවා. මේ අවශ්‍යතා සම්පූර්ණ කලාට පස්සෙ ඔයාට පුලුවන් ඇඩ්සෙන්ස් ඉල්ලන්න. හැබැයි දැන්නම් ගොඩක් චැනල් Approve කරනව අඩුයි. ලොකු චැනල් වලට විතරයි දැන් දෙන්නෙ. කොහොමහරි වාසනාවට ඔයාගෙ චැනල් එක Approve වුනොත් ඉතින් ගොඩ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ හොද Niche එකක් තෝරාගෙන ඒකට අදාලව වටිනාකමෙන් වැඩි වීඩියෝ දාන එක. පුලුවන් තරම් Quality වැඩි වීඩියෝ කරන්න බලන්න.

ඇඩ්සෙන්ස් හම්බුනොත් ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් ලංකාවෙ 1000 views වලට 0.2-0.5$ ප්‍රමාණයක් වගේ තමා ලැබෙන්නෙ. USA/UK Views 1000 කට වගේනම් 2-5$ වගේ ලැබෙනවා. මන් ඒකයි කීවෙ ඔයාලට පුලුවන් තරම් International Target කරන්න කියලා. ඉතින් ඔයාලා 100$ හොයපු ගමන් ඒ සල්ලි Bank Wire Transfer වලින් වගේම Check එකකින් ගෙන්වා ගන්න පුලුවන්. 10$ වුනාම ඔයාගෙ ඇඩ්සෙන්ස් Address එකට එවන Pin එක ඔයාට මේ සල්ලි ගන්න අනිවාර්‍යයෙන්ම වැදගත් වෙන නිසා ඔයාලගෙ නිවැරදි Address එකක් ලබා දීම අනිවාර්‍ය වෙනවා

 

Adsense Alternatives

බ්ලොග් කරන අය දන්නවා අපිට Google Adsense ගන්න බැරි වුනොත් හරි ඇඩ්සෙන්ස් ගිණුම Ban වුනොත් ChitikaRevenuehitsPopcash වගේ Adsense Alternatives තියෙනවා කියලා. ඒ වගේම තමයි Youtubers ලටත් මේ වගේ Youtube Certified Alternatives කීපයක්ම තියෙනවා දැන්. ඔයාලට කරන්න තියෙන්නෙ ඇඩ්සෙන්ස් හම්බුනේ නැතිනම් මේ Alternative Sites වල ඔයාගෙ Channel එකත් එක්ක Register වෙලා ඇඩ් Display කරලා මුදල් උපයන්න. මේ සදහා ඔයාගෙ චැනල් එක සම්පූර්ණ කරන්න ඕනෙ අවශ්‍යතා කිහිපයක් තියෙනවා. ගොඩක් සයිට් ඔයාලගෙන් ඉල්ලනවා දවසකට 1000 views වගේ හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඔයාලා උපයන මුදල් Paypal, Payoneer, Bitcoin, Skrill වගේ නොයෙකුත් ක්‍රම වලට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ සයිට් වල තියෙන අවාසිය තමා මේවගෙ Register වෙලා ඇඩ් දැම්මම ඔයාලට අවුරුද්දේ සිට අවුරුදු 3 ක් අතර වගේ කාලයක් වෙන සයිට් වල ඇඩ් දන්න බෑ. ඒ කියන්නෙ මේවගෙ ඇඩ් දානවනම් ආයෙ ඇඩ්සෙන්ස් ඇඩ් ගන්න බෑ. මේ නිසා මේවගෙ register වෙන්නෙ බෝම පරිස්සමෙන්. මමනම් කියන්නෙ ඇඩ්සෙන්ස් ඉල්ල්ලා කෙලවුනු අය විතරක් මේවා Try කරන්න. පහලින් තියෙන්නෙ ඒවගේ ප්‍රසිද්ධ Adsense Alternatives කීපයක්.

Adrev

Fullscreenmedia

Freedom

Makerstudios

Affiliate Marketing

චැනල් එකකින් මුදල් උපයන්න තියෙන තවත් සුපිරිම ක්‍රමයක් තමා මේක. Affiliate Marketing ගැන ලිපි කීපයක්ම අපි මේ බ්ලොග් එකේ ලියලා තියෙනවා. මේ ගැන දැනුමක් ඔයාලට නැතිනම් පහලින් ගිහින් ඒ ලිපිය කියවන්න.

Affiliate Marketing

Sponsorships

ඔයා ඔයාගෙ චැනලය දියුණු කරගෙන යනකොට ලොකු ලොකු Companies කැමති වෙනවා ඔයාලගෙ චැනල් එකට Sponsorship දෙන්න. මෙතනදි වෙන්නෙ අදාල Company එකේ Brand Name එක Promote වෙන එක. මෙතනදි ඔයාට අදාල කොම්පැනිය ගෙවීමක් කරන අතර ඔයාගෙ වීඩියෝවල අදාල Company එකේ Brand Name එක ප්‍රචාරණය වන ආකාරයේ ඇඩ් එකක් හෝ වෙනත් දෙයක් කරන්න වෙනවා. මේක අදාල කොම්පැනිය එක්ක සාකච්ඡා කරලා කරන්න පුලුවන්. මේ විදියට Sponsorship ගන්න නම් ඔයාට තරමක් ජනප්‍රිය වෙනකන් ඉන්න වෙනවා. අඩුම 10K Subscribers වගේ. ඉතින් ලොකු Youtubers ලා එයාලගෙ චැනල් වලින් මුදල් උපයන තවත් ප්‍රසිද්ධ ක්‍රමයක් තමා මේක. ඒ නිසා කවදාවත් ඔයාගෙ චැනලය ඇඩ්සෙන්ස් නෑ කියලා නවත්වන්න එපා. දිගටම දියුණු කරගෙන යන්න. දිගටම වීඩියෝ දාන්න.

 Sponsored Reviews

ඔයා දිගටම මොකක් හරි Niche එකක වැඩ කරගෙන කරගෙන ගිහින් ජනප්‍රිය වෙනකොට ඔයාට මේ Sponsored Reviews වලින්ත් මුදල් ඉපයීම කරන්න පුලුවන්. මෙතනදි වෙන්නෙ අදාල කොම්පැනි එකේ Product එකක් ඔයා අතින් Review වීම. ඒකට අදාල කොම්පැනි එක ඔයාට ගානක් ගෙවනවා.

උදාහරණයක් ගත්තොත් Tech කියන Niche එකේ Chanux Bro කියන්නෙ ඉතාම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඉතින් අපි හිතමු ඔයා මොකක් හරි Tech සම්බන්ධ මොකක් හරි Product එකක් නිර්මාණය කලා කියලා. ඉතින් මේ Product එක අලෙවි කරගන්න ඔයාට ලේසි ක්‍රමයක් තමා අර Chanux Bro වගේ Industry එකේ ජනප්‍රිය පුද්ගලයෙක් හරහා ඒක Market කරන එක. මෙතනදි ඔයාට Chanux Bro ට මුදල් ගෙවන්න ඔයාට සිද්ධ වෙනව. එයාගෙ Community එකට ඔහු ඔයාගෙ මේ අලුත් Product එක ගැන Review කරනවා.

මේ විදියට Sponsored Reviews ලැබෙන්න නම් ඔයා කිසියම් Niche එකක ජනප්‍රිය වෙන්නම වෙනවා.

 Sell Your Own Products and Services

ඔයාගෙ චැනලට Views, Subscribers ලා වැඩිවෙනකොට මුදල් ඉපයීම කරන්න පුලුවන් තවත් සුපිරිම ක්‍රමයක් තමා ඔයාගෙම Products හරි Services විකුණලා මුදල් උපයන එක. මේකත් ගොඩක් ලොකු Youtubers ලා මුදල් උපයන ක්‍රමවේදයක්.

උදාහරණයක් විදියට ඔයාට Internet marketing ගැන චැනලයක් තියෙනවා කියලා. ඉතින් එතනදි ඔයා Web Design ගැන Tutorials Series එකක් කලා කියලා හිතමුකො. දැන් එතකොට ඔයාගෙ වීඩියෝ බලන්නෙ web design බැරි අය වගේම Web Designing ඉගෙන ගන්න කැමති අය. මෙතන්දි ඔයාට පුලුවන් කියන්න කාටහරි ඕනෙනම් Website එකක් හදාගන්න, මාව Contact කරගන්න කියලා. එතකොට කාටහරි website එකක් හදාගන්න ඕනෙ කෙනෙක් හිටියොත් ඔයාව සම්බන්ධ කරගන්න ඔයාගෙ Audience එක දෙපාරක් පැකිලෙන්නෙ නැහැ. මේ විදියට ඔයාට පුලුවන් ඔයාගෙ තියෙන හැකියාවන් වගේම Services Sell කරලා මුදල් ඉපයීම කරන්න.

ඒ වගේම Products වගේ දේවලුත් මේ විදියට විකිණීම කරන්න ඔයාට පුලුවන්. මේකට හොදම උදාහරණයක් විදියට SL Geek එකේ පසිදුගේ SL Geek Store එක හදුන්වලා දෙන්න පුලුවන්. එතනදි එයා ගාව සිය ගණනක් වුනු තාක්ෂණික උපකරන තියෙනවා. එයා එයාගෙ වීඩියෝවල ඒ භාණ්ඩ ගන්න ඕනෙ අය ගන්න Order කරන විදිය ඇතුලු විස්තරයක් කරනවා. ඒකෙන් එයා එයාගෙ Store එකේ භාණ්ඩ එයා හරහාම විකුණා ගන්නවා. මේ විදියටම ඔයාලටත් පුලුවන් ඔයාලගෙම භාණ්ඩ ඔයාගෙ Audience එකටම විකිණීම කරන්න.

 Adfly හා අනෙකුත් Link Shortening ක්‍රම

ඔයාගෙ චැනලයේ Description එකේ අනෙකුත් වෙබ් අඩවි හෝ වෙනත් අයගෙ වීඩියෝ වලට ලින්ක් තියෙනවා නම් ඒ හැම එකක්ම Adfly Link විදියට දෙන්න ඔයාට පුලුවන්. එතකොට ඒ ලින්ක් හරහා කවුරුහරි අදාල වෙබ් අඩවියට යද්දි ඔයාට මුදල් ලැබෙනවා. 

Other Benefits Of Youtube

අපි මෙච්චර වෙලා කතා කලේ Youtube එකෙන් මුදල් ඉපයීම කරන්න පුලුවන් ප්‍රධාන ක්‍රම ගැන විතරයි. දැන් අපි කියන්න යන්නෙ Youtube නිසා ලැබෙන අනෙකුත් වාසි ගැනයි. මේ දේවල් නිසා වක්‍රාකාරව මුදල් ඉපයීමේ අවස්ථා ලැබෙන්නට වගේම නිර්මාණය කරගැනීම කරන්න ඔයාට පුලුවන්.

Youtube නිසා ලැබන ප්‍රධාන වාසියක් තමා අලුත් මිතුරන් නිර්මාණය වීම. මෙතනදී ඔයාට Subscribers වැඩි වෙද්දි වීඩියෝවලට Comment කරන අය නිසාත් අලුතින් යාලුවන් රැසක් නිසැකවම ඔයාට හමුවේවි. මේක ඔයාගෙ ඉදිරි ගමනට ලොකූ වටිනාකමක් වෙනවා. අලුතින් ඔයාගෙ වීඩියෝ බලන අය දිරිගැන්වීම් කලොත් ඔයාට දිගටම වීඩියෝ කරගෙන යන්නම හිතෙනවා. Sponsorships, Sponsored Reviews ලැබෙන්න වගේම ඔයාගෙ Products and services විකුණාගන්නට මේ අලුතින් ලැබෙන මිතුරන් උපකාරී වෙනවා. මේ මිතුරන් තමා ඔයාගෙ වීඩියො share කරලා අලුත් Video Views අරගෙන දෙන්නෙ.

ඔයා චැනලයක් කරනවනම් ඔයාගෙ චැනලයේ නමින් Facebook, Twitter, Google Plus, Instagram ගිණුම් ආරම්භ කිරීම ආරම්භ කරන්න. Youtube එකට විතරක් සීමා වෙන්න එපා. අලුත් Audience එකක් ඔයා වටා නිර්මාණය කරගන්න මේ Social Media Marketing කියන දේ අත්‍යවශ්‍ය වෙනවා.

Youtube Channel එකක් නිසා ලැබෙන තවත් වාසියක් තමයි වෙබ් අඩවියකට Traffic drive කිරීම කරන්න පුලුවන් වෙන එක. ඔයාට බ්ලොග් එකක් හෝ වෙබ් අඩවියක් හරි තියෙනවනම් ඒකට Visitors ලා ගෙන්වා ගැනීම පහසුවෙන් චැනලයක් හරහා කරන්න පුලුවන්. ඔයාගෙ Description එකේ බ්ලොග් ලිපි වලට අදාලව Links දාලා වැඩි විස්තර සදහා Description එක බලන්න කීවම නිකන්ම බ්ලොග් එකට Traffic ලැබෙනවා. වෙබ් අඩවියකට Visitors ලා එද්දි ඒ හරහාත් මුදල් ඉපයීම කරන්න පුලුවන්. මේ සදහන් කරපු හැම ක්‍රමයක්ම බ්ලොග් එකක් හරහා මුදල් උපයන්නත් වලංගු ක්‍රමවේදයන්. අනිත් අතට ඔයාට කට්ටිය එන හොද බ්ලොග් එකක් තියෙනවා නම් ඒකෙත් ඔයාගෙ වීඩියෝ ඇතුලත් කරලා Views, subscribers ලා වැඩි කරගැනීම කරන්න ඔයාලට පුලුවන්.

ඔයා ඉතා හොද Quality වීඩියෝ හදනකොට ඔයාගෙ නිර්මාණශීලීතවය වගේම Adobe Aftereffects, Adobe Premiere Pro, Adobe Photoshop වගේ මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාවත් වැඩි වෙනවා. ඉතින් ඔයාට පුලුවන් මේ Video Editing Skill එක මගිනුත් මුදල් උපයන්න. Fiverr, Peopleperhour, Upwork වගේ Freelancer වෙබ් අඩවි වල Freelancing Projects කරලා ඒ හරහා අමතර ආදායමක් උපයාගැනීමේ හැකියාව ඔයාට ලැබෙනවා. ඒ වගේම Youtube කරන අනිත් අයට මුදලට වීඩියෝ හදන්නත් ඔයාට පුලුවන්. මේ හරහා අමතර ආදායමක් උපයා ගැනීම ඔයාට කරන්න පුලුවන්.

චැනලයකින් ඔයාට කරන්න පුලුවන් තවත් දෙයක් තමයි referrals ලා වැඩි කරගෙන මුදල් ඉපයීම වැඩි කරගැනීම. මේකට උදාහරණයක් විදියට දක්වන්න පුලුවන් Sl Geek පසිදු කරපු Ebates සම්බන්ධ වීඩියෝ මාලාව. මෙමමගින් එයා Referrals ලා විශාල ප්‍රමාණයක් නිර්මාණය කලා විතරක් නෙමේ, ඒ Referral ලා උපයන මුදල්වලින් කොටසක් Commision එකක් විදියට ඔහුට ලැබුනා.

Ebates විතරක් නෙමේ තවත් ගොඩක් වෙබ් අඩවිවල මේ Referral Programs තියෙන්වා. උදාහරණයක් විදියට PTC Sites දක්වන්න පුලුවන්. Ad Click කරපු අය දන්නව ඇති referral ලගෙ වටිනාකම. ඉතින් ඔයාලට මේවගේ Referral ලා වැඩි කරගැනීම පහසුවෙන් චැනලය හරහා කරගන්න පුලුවන්.

මේ වගේ වක්‍රාකාරව මුදල් ඉපයීමේ ක්‍රම රැසක් Youtube හරහා නිර්මාණය කරගන්න ඔයාට පුලුවන්. කරන්න තියෙන්නෙ අලුතින් හා පොඩ්ඩක් වෙනස් විදියට හිතන එක විතරයි.

අවසානය

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Youtube හරහා මුදල් ඉපයීම පහසු දෙයක් නොවන වග. මේකට අතගහපු යාලුවෝ දන්නවා ඇති Subscribers, Views ගන්න තියෙන අමාරුව. වැදගත්ම දේ තමයි දිගුකාලීන සැලැස්මක් ඇතිව වැඩ කරන එක. කවදාවත් චැනලය මග නවත්වන්න එපා. දිගටම අවුරුදු ගානක් කරගෙන යන්න බලන්න. ඔයාගෙ චැනලය වටේ Audience එකක් නිර්මාණය වෙනකොට මුදල් ඉපයීම පටන් ගන්න පුලුවන්. ඒකට ඉතින් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. හැමවෙලේම වටිනාකමෙන් වැඩි වීඩියෝ නිර්මාණය කරන්න බලන්න. වෙන අය කරන විදියට කරන්න උත්සහ කරන්න එපා.

චැනලත් එක්කම බ්ලොග් එකකුත් පටන් ගන්න. ඊට පස්සෙ දෙකම ඇදගෙන යන්න බලන්න. බ්ලොග් එක ජන්ප්‍රිය වෙද්දි නිකන්ම චැනල් එකත් ජනප්‍රිය වෙනවා. ඒ වගේම චැනලය ජනප්‍රිය වෙද්දි බ්ලොග් එකත් නිකන්ම ජනප්‍රිය වෙනවා. හැමවෙලේම සමාජ ජාල ගිණුම් වල Likes, Followers වැඩි කරගන්න බලන්න. නිතර නිතර social media active වෙලා ඒ වටාත් Community එකක් හදාගන්න බලන්න.

හැමවෙලේම අලුතින් Youtube එන අයට උදව් කරන්න. තනියෙන් ගමනක් යනවට වඩා අනිත් අයගෙ සහයෙන් උදව්වෙන් ගමනක් යද්දි ලොකු දෙයක් කෙටි කාලෙකින් යන්න පුලුවන්. එකතුවෙලා ගේමක් ගහද්දි එකෙනෙක් සාර්ථක වෙනවා කියන්නෙ අනිත් කෙනාටත් ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා අනිත් Youtubers ලා එක්ක එකතුවෙලා වැඩ කරන්න.

එහෙනම් ඉතින් ලිපිය අහවරයි. මෙච්චර වෙලා කියෙව්වට ස්තූතියි. ගැටලු තියෙන්වනම් පහල Comment Section ඒ ඔක්කොම කතා කරමු. අපේ අනෙක් ලිපිත් කියවන්න. ඒ වගේම මේ ලිපිය Facebook වල share කරලා අපිට උදව්වක් කරන්න. එහෙනම් ජය වේව



___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs