ඉතින් අද මේ අපි ලියන්නෙ Fiverr ගැන අපේ දෙවෙනි පෝස්ට් එක. මීට කලින් අපි ලියපු 2020 ඔයාගේ Fiverr Gig එක Search List එකේ පළමු පිටුවට ගෙන එන්න සුපිරිම Tips and Tricks කීපයක් මෙන්නඅද වෙනකොට අපේ බ්ලොග් එකේ වැඩිම දෙනෙක් කියවපු ලිපිය බවට පත්වෙලා තියෙනවා. ඒකෙන් පෙන්නෙ ඔයාලා තුළ Fiverr වල සාර්ථක වෙන්න දක්වන උනන්දුව. 

තාම ගොඩක් දෙනෙක් කියන දෙයක් තමා අපි Fiverr gig හදලනම් තියෙනවා තාමත් Order නෑනෙ කියන එක. ඉතින් අලුතින් මේකට Enter වෙන කෙනෙක්ටනම් දැන් හරිම අමාරුයි සාර්ථක වෙන්න. අපිත් දැනට කාලයකට කලින් Fiverr නැවැත්තුවා. ලගදි අපේ යාලුවෙක් කීවා වැඩේ දැන්නම් පට්ටම අමාරුයි කියලා. ඉතින් ඒක නිසාම අපි පොඩ්ඩක් අන්තර්ජාලයේ මේ ගැන තියෙන ලිපි වගේම Fiverr Forum එකෙත් පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවා. ඇත්තටම අලුත් කෙනෙක්ට ඕඩර් ගන්න අමාරුයි තමා. නමුත් අපිට පුලුවන්නම් අපේ Gig වල මෙන්න මේ අද කතා කරන වෙනස්කම් ටික කරන්න, ඔයාට ඕඩර් එකක් එන්න 50% වැඩි අවස්ථාවක් ලැබෙනවා කියලනම් කියන්න පුලුවන්. ඉතින් අද අපි ලියන මේ ලිපිය ගොඩක්ම වැදගත් වෙන්නෙ අලුතින් Fiverr කරන්න යන යාලුවොන්ටයි දැනට ඕඩර් නැති සෙට් එකටයි කියලා හොදට මතක තියා ගන්න. ඔයා දැනටමත් ඕඩර් එන කෙනෙක් නම් මේ වෙනස්කම් කරලා කෙලවුනා කියලනම් කියන්න එපා හොදද…

මුලින්ම කියන්න ඕනෙ දේ තමා ඔයාගෙ Gig Description එක. මම දැකලා තියෙනවා ගොඩක් අය මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්නෙ නෑ. ඔයාට හොද Gig Description එකක් හදා ගන්න බැරිනම් ඔයාගෙ Service එකම දෙන Top Rated sellers ලා එයාලගෙ Gigs වල දාලා තියෙන්නෙ මොනාද කියලා බලන්න. මෙහෙම 5-6 දෙනෙක්ගේ බැලුවම ඔයාටම තේරේවි මොනාද මම Description එකේ දාන්න ඕනෙ කියලා. 100% Money Back Guarantee, Unlimited Revisions වගේ දේවල් ඔයා මුලින්ම දෙන්නෙ නැතිනම් කවුරුත් ඔයාව මුලින්ම නම් ඕඩර් කරන්නේ නැතිවේවි. ඔයාට මේ Gig Description එකේ 1200 characters යොදාගන්න පුලුවන්. ඉතින් මේ 1200 අරන් පට්ටම Description එකක් ලීවෙ නැතිනම් ඕඩර් ගන්නවා බොරු මචෝ…..

අනිත් එක තමා Buyer Request. දැන්නම් මේ buyer Request පෙන්නනෙම නැති තරම් ඉස්සරනම් මේවගෙන් තමා අපිත් අපේ මුල්ම ඕඩර් ගත්තෙ. මේ නිසා ඔයාට මේව මත රැදිල ඉන්න බැරි වේවි ඉස්සරහට. සුපිරිම Gig එකක් නොහැදුවොත් ඕඩර් එන්නෙම නැතිවේවි.

අනික දැන් ඔයාලට හදන්න පුලුවන්නෙ ගිග් 7ක් විතරයි. ඉස්සරනම් ඉති 20ක්ම පුලුවන් තිබ්බනෙ. ඉතින් Gigs හදන්කොට මේ Gig 7ම එකම Category එකක හදන්න පුලුවන්නම් ඔයාලට අවස්ථා වැඩි ඕඩර් ගන්න. graphic Design වලට කැමති අය ඒ Category එකේම photoshop editing, logo designing වගේ වැඩ 7ක් තෝරලා Gig 7ක් ම හදා ගන්න. හදන්න පුලුවන් වෙලාවෙ ගිග් 7ම හදන්න මතක ඇතිව. නැතිනම් අපරාදෙ.

අනිත් විශේෂ දේ තමා ගිග් වලට මිල නියම කරද්දි ඔයාලට ඒ වැඩේ කරලා දෙන්න පුලුවන් අවම මිල දාන්න. අනිත් Level Upgrade කරපු Sellers ලා දෙන මිලට දෙන්න යන්න එපා ඔයත්. මමනම් කියන්නෙ මුල්ම කාලෙ ලොකූ Service එකක් ඔයාලට දෙන්න පුලුවන් අඩුම ගානට දෙන්න. 5$ වලට පටන් ගත්තත් ඒ ගානට සුපිරිම වැඩක් කරල දෙන්න. කවුරුත් ඔයාව නොදන්න කෙනෙක් මුලින්ම එයාගෙ වැඩකට ඔයාව සම්බන්ධ කරගන්නෙ නෑ ඔයා ලොකු ගානක් ගන්නවනම්. ඔයාට ඕඩර් එනකොට සහ ඉස්සරහට යනකොට ඔයාට පුලුවන් ඔයාගෙ ගිග් වල මිල ගණන් වැඩි කරන්න.

ඔයාට පුලුවන්නම් ඔයාගෙ Fiverr Gig එක SEO කරන්න. මේක හරහත් ඔයාගෙ gig views, gig impressions වැඩි කරගන්න පුලුවන්. මේක ඔයාගෙ Gig එකේ Rankings වැඩි වෙන්න හේතු වෙනවා විශ්වාසයි. ඉතින් මේ SEO කරන වැඩේනම් මුලින්ම පටන් ගන්න කෙනෙක්ටනම් වැඩිය තේරෙන්නෙ නැතිවේවි. පොඩ්ඩක් Google Search එකක් දැම්මොත් ඒ ගැන ඔයාලට A-Z ඉගෙන ගන්න පුලුවන්. ඉදිරියේදී මේ ගැනත් ලිපියකින් ගෙන එන්න අපි සූදානම්. හැබැයි කවදා ගේන්න පුලුවන් වේවිද කියලනම් කියන්න බැහැ.

තවත් වැදගත් දෙයක් තමයි gigs තෝරා ගැනීම. Demand එක තියෙන services මොනවද කියල බලලා ඒවට Gigs හදන්න පුලුවන්නම් ඉතින් අනිවා ඕඩර් ඒවි. පහුගිය කාලෙනම් Youtube එකේ ජනප්‍රියත්වයත් එක්ක Video Editing, Video Marketing වලට ලොකු Demand එකක් ආවා. After Effects, Premiere Pro වලින් එහෙම ගිග්ස් දාපු ගොඩක් අයට ඕඩර් ආවා පහුගිය ටිකේ හොදට. ඒ නිසා trend එක බලලා ඔයාලට සේවය සපයන්න පුලුවන්නම් ලොකූ අවස්ථාවක් අනිවා තියෙනවා.

Gig Images දාද්දි එහෙමත් ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනව ඔයාට, මොකද නිකන්ම නිකන් Images වලින් ඔයාටයි buyers ලටයි දෙගොල්ලටම වැඩක් නෑ. ඒක නිසා Buyers ලා ඇද ගන්න විදියෙ Photopholio එකක් හදන්න ඔයාට සිද්ද වෙනවා. හැමවෙලේම අනිත් අයට වඩා වෙනස්, හොදින් ඔයාගෙ හැම දෙයක්ම කරන්න බලන්න. මේක Fiverr වල සාර්ථකත්වයට වගේම අනිත් Internet marketing හැම තැනකම සාර්ථකත්වයට උපකාරි වෙනවා. මතක ඇතිව Gig Video එක නම් දාන්න. මොකද එහෙම වීඩියෝ දාන අයට අනිත් වීඩියෝ නොදාන අයට වඩා 220% ගුණයක් වැඩියෙන් ඕඩර් එනවා කියලා Fiverr එකම කියනවා. මෙහෙම වීඩියෝ එකක් දාද්දි ඔයාගෙ Service එක කැමරාවක් ඉදිරියේ ඔයාගෙ මූන පෙනෙන විදියට කියල දෙන්න පුලුවන්නම් ඒක ඔයාට Buyers ලා ඇද ගන්න ලොකුවටම උදව් වේවි. ඔන්න වීඩියෝ නොදාපු අය අදම මතක ඇතිව වීඩියෝ එකක් හදාගෙන දාගන්න.

ඒ වගේම Tags දානකොටත් හොදම ඒවා හොයල බලලා දාන්න. අපි හැමදාම කියනව වගේ මතක ඇතිව Fiverr Mobile App එක අරන් පුලුවන් තරම් Online ඉන්න. Fiverr Blog එක Fiverr Forum වගේ ඒවටත් යන්න. ඒවගෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

තවත් වැදගත්ම දෙයක් අමතක උනා. Gig Delivery Time…..! මේක පුලුවන් තරම් අඩු කරලා දෙන්න බලන්න. ගොඩක් Buyers ලා Fiverr එකට එන්නෙ එයාලගෙ වැඩේ පුලුවන් තරම් අඩු මුදලකට අඩු වේලාවකින් කරගන්න. ඒ හින්දා පුලුවන් තරම් අනිත් අයට වඩා අඩු Delivery Time එකක් දෙන්න. One Day Delivery කරන්න පුලුවන් නම් ඒක ඕඩර් එන්න ලොකු අවස්ථාවක් වේවි ඔයාට. හැබැයි පුතෝ One Day Delivery දැම්ම වගේ නෙමෙයි පුලුවන් තරම් Alert ඉන්න මග බලාගනින්. නැතිනම් ඕඩර් එකක් ඇවිල්ල කෙලවගත්තොත් ඔක්කොම ඉවරයි. පුලුවන් තරම් ඉක්මනට එන Messages වලට Reply කරන්න. ඒක ඕඩරයක් එන්න අනිවා බලපානවා.

ඉතින් ඔන්න ඔය ටික තමා ඔයාල කරලා බලන්න ඕනෙ වෙනස්කම්. තවත් ඔයාල දන්න දේවල් වගේම ඔයාලගෙ fiverr experiences එහෙම තියෙනවනම් පහලින් Comment කරන්න. එතකොට අනිත් අයටත් ඒ දේවල් වැදගත් වේවි. ඉතින් මට විශ්වාසයි මේ කරන වෙනස්කම් වලින් ඔයාලා කීප දෙනෙක් හරි සාර්ථක වේවි කියලා. Orders එන්නෙ නෑ කියලා ගේම අතහරින්න එපා කෝමහරි සාර්ථක වෙන්න උත්සහ කරන්න.

ඉදිරියේදී අපි Upwork, Peopleperhour, Freelancer, Guru කියන අනිත් ප්‍රසිද්ධ Freelancer වෙබ් අඩවි හා ඒවගෙන් සාර්ථක වෙන විදිය ගැන ලිපි පෙලක්ම ගෙන එන්න ලෑස්තියි. 

එහෙනම් ඔබට ජය___________________________________________________________________________________

Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs