අපේ ලංකාවේ ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි “අනේ මට ෆයිවර් අකවුන්ට් එකක් හදලා ගිග් එකක් දැම්මට තාම ඕඩර් නෑනෙ” කියන කතාව. සමහරවිට මේ ලිපිය කියවන ඔයාටත් ඇත්තේ ඒ ඉරණමම වෙන්න ඇති. ඉතින් අන්න ඒ අයට ඉපැයීම් ආරම්භ කරන්නට හා ඉපැයීම් වර්ධනය කරන්නට තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.

මාත් Fiverr ගියපු මුල්ම කාලෙ ගිග්ස් දාලා බලන් හිටියට ඕඩර් ආවේ නැහැ. අවුරුද්දක් විතර ඕඩර් නැතිව ලත වුනා මාත්. නමුත් ලංකාවෙ ගොඩ දෙනෙක් වගේ මමනම් ගේම අතහැරියේ නැහැ.

මම පුලුවන් තරම් විදේශීය බ්ලොග් අඩවි හා Fiverr Official Blog එක පරිශීලනය කරලා අලුත් අලුත් ඕඩර් ගැනීමේ ක්‍රම ඉගෙන ගත්තා. ඒ වගේම මගේ ගිග් වල තිබුණු අඩුපාඩුත් මොනවාද කියලා බලලා ඒ හැමදේම නිවැරදි කරගත්තා.

ඇත්තෙන්ම අවසානයේදී මම සාර්ථක වුණා. මට හම්බුණු පළමුවැනි ඕඩර් දෙක තුන සුපිරියටම කරලා හොද Positive Reviews ටිකක් මගේ Buyers ලාගෙන් ගත්තා. එදා ඉදලා මට ඕඩර් එනවා වගේම මම ෆයිවර් වල හුගක් සාර්ථක වුනා. ඉතින් අන්න ඒ අත්දැකීම් උපයෝගී කරගෙන තමයි මේ Fiverr Tips & Tricks ටික ලියන්න මම අදහස් කලේ.

ඔයාගෙ Fiverr Gig Title එක ඉතා ආකර්ෂණීය එකක් ද?

ෆයිවර් එකේ කවුරුහරි Buyer කෙනෙක් මොකක් හරි ඕඩර් එකක් කරද්දි එයාගෙ පලමු අවධානය යොමු වෙන්නෙ Gig Title එකට. ආකර්ෂණීය Title එකක් තිබුණත් තිබුනොත් එයා අනිවාර්යයෙන්ම ඔයාගෙ ගිග් එකට පිවිසිලා බලනවා ඔයා එයාට දෙන සේවාව පිළිබඳව. ඉතින් ඒක නිසා මුලින්ම ඔයා ඔයාගෙ ගිග් එකේ Title එක ඉතාම ආකර්ෂණීය විදියට එහෙමත් නැතිනම් Customer කෙනෙක් අල්ල ගන්න පුලුවන් ආකාරයට ලබා දෙන්න.

උදාහරණයක් විදියට “ I will do photoshop editing” වගේ ටයිට්ල් එකක් වෙනුවට “I will do best editing to your photo” වගේ ටයිට්ල් එකක් ඉතාම ආකර්ෂණීය යැයි කියලා ඔයාට තේරෙනවා ඇති.

ඔයාගෙ Description එකෙන් ඔයාගෙ Buyer ව සතුටු කරනවාද?

Fiverr වල මම දන්නා විදියට කෙනෙක් ඕඩර් කරන්නට බලපාන ප්‍රධාන කාරණය තමා ගිග් Description කියන එක. ඔයාගෙ Description එකේ අනිවාර්‍යයෙන්ම ඔයා දෙන සේවාව, ඔයාගෙ සේවාව Buyer ට වැදගත් වෙන්නෙ ඇයි?, ඔයාගෙන් order කරාම එයාට ලැබෙන වාසි වගේ දේවල් අනිවාර්‍යයෙන්ම දාන්න ඕනෙ.

ඔයාට හොද Description එකක් හදාගන්න දැනුම නැතිනම් අධ්‍යයනය කරන්න ඔයා දෙන සේවාව දෙන Top Rated Seller කෙනෙක්ගෙ ගිග්ස් තුන හතරක්.

ඒ හැම එකකින්ම හොද අදහස් අරගෙන ඒ හැමෝටම වඩා හොද ආකර්ශනීය සේවාවක් ඔයා දෙනවා කියල Buyer ට ඇගවෙන ආකාරයෙන් හොද Description එකක් සෑදිය යුතුමයි. කිසිම වෙලාවක වෙන කෙනෙක්ගෙ එකක් කොපි කරලා පේස්ට් කරන්න නම් එපා ඔයාව අනිවාර්‍යයෙන්ම Fiverr වලින් Riject කරන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ අවදානමක් ගන්න කොහෙත්ම උත්සහ කරන්න එපා. තමාගෙම නිර්මානයක් කරන්න උත්සහ කරන්න.

 

Gigs 07 ම ඔයා භාවිතා කරනවාද?

මෙන්න මේ දේ ගොඩ දෙනෙක් අවධානය යොමු නොකර දෙයක්. නගරයක අපි හිතමු ඔයාට වෙළදසැලක් තියෙනවා කියලා, ඉතින් ඒ වෙළදසැලෙන් භාණ්ඩ ලබා ගැනීමට එන Customer ලා ප්‍රමාණයයි, නගරයක වෙළදසැල් 07 ක් තියෙන කෙනෙක්ගෙ වෙළදසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට එන Customer ල ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා කියලා ඔයාට අනිවාර්යයෙන්ම හිතෙනවා ඇති. ඒ නගරයට එන අහඹු පුද්ගලයෙක් එයාගෙ සේවාව ලබා ගන්න ඔයාගෙ වෙලදසැලට එන්න තියෙන අවස්ථාවට වඩා 07 ගුණයක් අවස්ථාවක් අනෙත් වෙලදසැල් වලට යාමේ අවස්ථාවක් තිබෙනවා.

අන්න ඒ වගේ ඔයාගෙ ගිග් එකත් එහෙම සේවා අලෙවි කරන වෙලදසැලක් ඉතින් ඔයා ඒ වගේ ගිග්ස් 07 ම භාවිතා කලොත් වැඩි Sales ප්‍රමාණයක් ඔයාට කරගත හැකිවනවා නොඅනුමානයි. ඔයාට ගිග්ස් 07ක් හදන්න පුලුවන් එකේ ගිග්ස් 07ක්ම හදන්න අනිවා මතක තියාගන්න.

ඒ වගේම වැදගත්ම දේ තමා එක Category එකක තිබෙන ගිග්ස් ප්‍රමාණය. උදාහරණයක් විදියට ඔයාට Graphic Design පැත්ත හොදට පුළුවන්නම් ඒ යටතේ T shirt Design, Photoshop Editing, Logo Design, Business Card Design, Cover Photo Design වගේ එකම Category එකේ ගිග්ස් ගොඩක් හදන්න. මේකෙන් ඔයාට ඕඩර් එන්න ලොකු අවස්ථාවක් තියෙනවා.

 

Tags ඔයා නිවැරදිව යොදනවාද?

ගිග් එකක Description එකට යටින් තියෙන Tags ඔයා නිවැරදිව භාවිතා කළ යුතු තවත් දෙයක්. ඔයා ගොඩ දෙනෙක් භාවිතා කරන Tags භාවිතා කරන්න එපා. භාවිතයෙන් ගොඩක් අඩු ඔයාගෙ ගිග් එක search කරද්දි අහුවෙයි කියලා ඔයා හිතන Tags මේ සදහා හොදයි. හැබැයි මතක තියාගන්න Tags 3ක් විතර හොද ගොඩ දෙනෙක් භාවිතා කරන Tags යොදලා ඉතිරි දෙකක් විතර අර මන් කිව්ව විදියේ Tags දාන්න. මේකෙන් ඔයාගෙ ගිග්ස් ගොඩ දෙනෙක්ට View වෙන්නත් එයින් Click වෙන්නත් අවස්ථාව වැඩි වෙනවා.

 

 ඔයා Fiverr වල කොතරම් Active ද?

මෙන්න මේ දේත් හුගක් වැදගත්. ඔයා නිතර නිතර Active වෙනකොට ඔයාගෙ ගිග්ස් Category List එකේ උඩට පැමිණීමේ අවස්ථාවක් තියෙනවා. පුලුවන් තරම් දවසකට තුන් හතර වතාවක්වත් අවමයෙන් Fiverr වලට ගිහින් බලන්න ඔයාට Messages, Orders ඇවිල්ලද කියලා. ඒ වගේම Fiverr Forum, Official Fiverr Blog වගේ දේවලටත් ගිහින් බලන්න. මේ ෆෝරම් එකයි බ්ලොග් එකයි ඔයාට Fiverr වල Highlight වෙන්න පුලුවන් සුපිරි තැන් දෙකක්. ඔයාට පුලුවන් Fiverr Forum එකේ ඔයාගෙ ගිග්ස් නොමිලේම Promote කරන්න. ඒ වගේම එතැනින් ඔයාට Sales වැඩි කරගන්න විදිය ඇතුලු ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම Fiverr Blog එකත් නිතර නිතර බලන්න. Fiverr වල අලුත් තොරතුරු, අලුත් Updates වගේ ගොඩක් දේවල් එතැනින් ඉගෙන ගන්න ඔයාට පුලුවන්.

Buyer Request 10 ම ඔයා යවනවාද?

මෙන්න මේ වැඩේ තමා අලුතින් Fiverr එන කෙනෙක්ට ඕඩර් ගන්න තියෙන සුපිරිම ක්‍රමය. මමත් මගේ පළවෙනි order එක ගත්තේ මේ Buyer Request වලින්. හැමදාම ඔයා කරන්න ඕනෙ දෙයක් තමා මේ Buyers ලා ඉල්ලලා තියෙන දේවලින් ඔයාට කරන්න පුලුවන් හැම වැඩකටම offer එකක් යවන එක. එතැනදී ඔයාට ඔයාගෙ සේවාව ගැන වචන 1200 කට අඩුවෙන් විස්තර කරලා යවන්න වෙනවා. මේ දේ හරියට හැමදාම කලොත් ඔයාට ඉක්මනින්ම order එකක් එනවා 200% sure.

 

 Facebook වල ඔයා ඔයාගෙ ගිග්ස් Promote කරනවාද?

Social Media කියන්නේ ලෝකයේ මිනිසුන් දශ ලක්ෂයක් දෙනා හමුවන තැනක් යැයි කීවොත් මා නිවැරදි යැයි සිතනවා. ඉතින් ඔයාගෙ එන ඕඩර් ප්‍රමාණය වැඩි කරගන්න ලොකු දායකතවයක් මේ Social Media වලින් පුලුවන්.

මුලින්ම ඔයාලා හැමෝම Facebook භාවිතා කරනවා කියලා මම හිතනවා. ඔයා Facebook එකෙන් කොච්චර සේවයක් ඔයාගෙ ඕඩර් වැඩි කරගන්න යොදා ගන්නවාද කියන එක ගැටලුවක්.

ඔයාට පුලුවන් ඔයාගෙ ගිග් එකේ නමින් හරි ඔයාගෙ සේවාවක් පිළිබඳව හරි විස්තර ඇතුලත් කරලා අලුත් Facebook Account එකක් හරි Facebook Fan Page එකක් හරි හදන්න. මේ දෙකම හරියට කරගන්න පුලුවන්නම් ගොඩේ ගොඩ.

ඔයා කරන්න ඕනෙ ඔයා අලුතින් හැදූ Facebook Account එකට පුලුවන් තරම් ඔයාව ඕඩර් කිරීමට හැකි මට්ටමේ පුද්ගලයන් Freind කර ගැනීම විතරයි. ඒ වගේම අනිත් දේ තමයි Facebook Fan Page එකට like කරන්න ඒ අයට Invite කරන්න. Freinds ලා 1000+ වුනාම හරි Fan Page එකට Like 500 වුනාම ඔයා කරන්න ඕනෙ දවස් දෙක තුනකට වරක්වත් ඔයාගෙ ගිග්ස් Share කිරීම විතරයි. මේ දේ හරියට නිවැරදිව නුවණක්කාරව ඉවසිල්ලෙන් කරන්න ඕනෙ වැඩක් කියලා මතක තියාගන්න හොදද,

ඒ වගේම අනිත් දේ තමයි ඔයාගෙ සේවාව ලබාගත හැකියි කියලා ඔයා හිතන Facebook Groups වලට සම්බන්ධ වෙලා ඒවායෙ ඔයාගෙ gigs වල තොරතුරු පළකරලීම. මෙයත් දින දෙකකට වරක් වත් සිදු කරන්න. මේ දේවල් ඔක්කොම ඔයා හරියට Facebook හරහා කරගත්තොත් ලොකු Customers ලා ප්‍රමාණයක් ඔයාට මෙතනින් ලැබේවි අනිවා.

 

Twitter කියන්නෙ order ගන්න පුලුවන් සුපිරි Market එකක්

සමාජ ජාල වලදී ඉතාම හොද වැදගත් සේවයක් ලබාගත හැකි තැනක් තමයි Twitter කියන්නේ. මුලින්ම ඔයා Twitter Acount එකක් හදාගන්න ඔයාගෙ Fiverr User Name එකෙන්. ඊට පස්සේ Twitter Profile එකට ඔයාගෙ Fiverr Gig Photo එකක් වගේම ඔයාගෙ Fiverr Profile Link එකත් ඒකෙ Description එකේ දාන්න. ඊට පස්සෙ ඔයාට පුලුවන් ඔයාගෙ ගිග්ස්  හා සේවාවන් පිළිබඳව Gig Link එකත් එක්ක Tweets දාන්න.

ඒ වගේම ඔයාගෙ සේවාව ලබාගත හැකියැයි සිතන පුද්ගලයන් Follow කිරීමත් ඉතාම වැදගත්. මෙහෙම Follow කරනකොට ගොඩක් වෙලාවට ඒ යම නැවත අපිව Follow කරනවා. මෙහෙම ටික කාලයක් කරන් යද්දි ඔයාට Followers ලා 250ක් වත් ලැබෙයි. ඔයා මතක ඇතිව නිතර නිතර Tweets දාන්න අමතක කරන්න එපා. ඒ වගේම එකම විදියේ Tweets නිතර නිතර දාන්නත් එපා.

ඒ වගේම Hashtag (# ලකුණ යෙදීම) භාවිතා කරලා ඔයාගෙ Tweets Categorize කරන එකත් ඉතාම වැදගත්. අපි ඉදිරියේදී නිවැරදිව twitter භාවිතා කරන ආකාරය ගැන සවිස්තර තොරතුරු මාලාවක් ඔයාලට ගෙන එන්න සූදානම්. ඔයා twitter ගැන මුකුත් දන්නෙ නැතිනම් මේ දේවල් කරන්න යන්න එපා මුලින්. ඔයා කරන්න ඕනෙ අලුතින් Twitter Acount එකක් හදාගෙන පොඩ්ඩක් ඇදලා කුදලා බලලා ඉගෙන ගන්න එක හොදද,

Twitter ගැන දන්න අය අනිවාර්යයෙන් මේ කීව දේවල් කරලා බලන්න. ඔයා සාර්ථක වෙනවා 100% විශ්වාසයි.

 

අනෙකුත් Social Media Sites භාවිතයත් ඉතාම වැදගත්

සමාජ ජාල ගැන කතා කරනකොට Google Plus කියන සමාජ ජාලය ඉතාම වැදගත් එකක්. ඒ වගේම Order ගන්නත් සුපිරි තැනක්. දවසක් මම Fiverr Forum එකේ දැක්කා සුද්දෙක් මේ සමාජ ජාලය භාවිතා කරලා සාර්ථකත්වය ගත්තෙ කොහොමද කියලා දාලා තිබුණා. ඉතින් මාත් ඒ හරහා ගිහින් තමා මගේ Promotion වැඩ වලට Google Plus භාවිතා කරන්න ගත්තෙ. මම හිතන විදියට මේකෙන් Facebook එකට වඩා සාර්ථක වෙන්න පුලුවන්. ඒ ගැන සුද්දො ගොඩක් අය ලියලා තියෙනවා මම දැක්කා.

Google Plus එකේදිත් ඔයා කරන්න ඕනෙ පුලුවන් තරම් Followers ලා ගැනීම තමා. ඔයා Google Plus Group වලට සම්බන්ධ වෙලා ඒවායේ ඔයාගෙ ගිග්ස් පලකරන්න. ඒ වගේම Google Plus Wall එකටත් නිතර නිතර Share කරන්න. මේකත් ඔයාගෙ ගිග්ස් අලෙවිවෙන්න හොද වෙලදපාලක්.

Linkedin කියන්නෙත් අන්න ඒ වගේම ඔයාගෙ ගිග්ස් අලෙවි කර ගන්න පුලුවන් හොදම මාර්කට් එකක්. මෙතනදී ඔයාට කෙලින්ම ලොකු Businesman ලා මුණ ගැසේවි. මොකද මෙතන ගොඩක් ඉන්නෙ වෘත්තියමය වශයෙන් සාර්ථක වුනු සල්ලි කාරයෝ. ඉතින් ඔයාගෙ සේවා ඉක්මනින් විකුණා ගන්න ඔයාට පුලුවන් වේව් මේ සමාජ ජාලය තුලත් ක්‍රියාකාරී වුවහොත්. ඉතින් එහෙනම් අදම Linkedin Account එකක් හදාගෙන වැඩ පටන් ගන්න එහෙනම්.

මේ පෝස්ට් එකේ දෙවෙනි කොටස පහලින් කියවන්න.

Fiverr Orders නැති අයට මෙන්න තවත් Tips and Tricks ටිකක් 

අවසානය

ඉතින් ඔන්න Fiverr Tips ගැන ලියපු පළමුවැනි ලිපිය අවසානයි. ඉතින් තව මේ වගේ Fiverr Tips ගණනාවක් ඉදිරියේදීත් ගෙන එන්න අපි සූදානම්. ඒ වගේම ඔයාලගෙ Fiverr සම්බන්ධයෙන් තියෙන හැම ගැටලුවකට උත්තර දෙන්න අපි සූදානම්. ඉතින් Order නැති අය අපිට කියන්න. අපි අඩුපාඩු බලලා මොකද කරන්න ඕනෙ කියලා කියන්නත් සූදානම්. ඉතින් ඒ දේවල් වෙන්නෙ ඔයාලගෙන් අපිට සහයෝගයක් ලැබුණොත් තමා ඉතින්. මේ ලිපිය අඩුම 100 පාරක්වත් Facebook,Twitter,Google Plus වල share කලොත් අපි අපේ අනෙකුත් Fiverr Tips ලිපිත් අනිවාර්යයෙන් ගෙන එනවා.

ඔයාලගෙ මේ ලිපිය ගැන අදහස් වගේම යෝජනා චෝදනාත් පහළින් Comment කරන ලෙස ඉල්ලා සිටිනවා. Fiverr ගැටලු තියෙන අයත් අනිවා Comment කරන්න. එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමුකො. ඔබට ජය

___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs